Home Astrology Shrine Articles Services ජ්‍යොතිෂය සේවාවන් Contact

වසර 5000ක් පමණ පැරණි සිංහල ජ්‍යොතිෂය

හදහන් සෑදීම, හදහන් බැලීම, පොරොන්දම් බැලීම, නැකත් සෑදීම, සෙත් කවි සෑදීම, යන්ත්‍ර සහ වෙනත් ශාන්ති කර්ම
Sinhala Horoscope Reading

අපගේ ජ්‍යොතිෂය සේවාවන්

ගම්පහ ප්‍රදේශයේ පාරම්පරික සර්වාංග සහ සර්ප වෙද පරපුරකින් පැවත එන අප 2008 වසරේ පටන් ඹ්ස්ට්‍රෙලියාව, ශ්‍රී ලංකාව, ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, ඉතාලිය, කැනඩාව, අරාබිය, ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල ජ්‍යොතිෂයට ලැදි ජනතාවගේ කේන්ද්‍ර පරික්ෂා කර අත්දැකීම් ලබා ඇති අතර අපගේ ඒකායන අරමුණ අප සේවාදායකයන්ගේ ජිවිත අධ්‍යාත්මික සහ ලෞකික වශයෙන් සාර්ථක කර දීමයි. මේ සදහා සම්මත ඍෂි භාෂිත ජ්‍යොතිෂය සිද්ධාන්ත මෙන්ම විවිධ දේවතාවන්ගෙන් අප ඉගෙනගත් රහසිගත ජ්‍යොතිෂය සිද්ධාන්තද භාවිතා කරණු ලැබේ. අපෙන් ජ්‍යොතිෂය උපදෙස් ලබා ගත් බොහෝ දෙනා එම උපදෙස් නිසි පරිදි පිළිපැද තමන්ගේ ජීවිතය අධ්‍යාත්මික සහ ලෞකික වශයෙන් සාර්ථක කරගෙන ඇති අතර නිවැරදි ලෙස දෙවියන්ගේ උපකාර ලබා ගෙනද ඇත. ඔබගේ හෝ ඔබගේ දරුවාගේ කේන්ද්‍රය නිවැරදිව පරික්ෂා කර ගැනීමට අප ජ්‍යොතිෂය ගුරුකුලය සමග සම්බන්ධ වන්න.

ජිවිත පලාපල - ඔබගේ ප්‍රශ්න 5කට පිළිතුරු

ඔබගේ ජිවිතයේ පහත අංශ පිලිබදව ඔබ දැනට ගත කරන දශා කාලයන් සහ ග්‍රහ ගෝචර පල අනුව ඔබගේ ගැටළු පහකට පමණක් පිළිතුරු විද්යුත් තැපෑල ඇසුරින් ඔබට එවනු ලැබේ. අප විසින් ඔබගේ හඳහන උසස් ජ්‍යොතිෂය සිද්ධාන්ත, වර්ග කේන්ද්‍ර සහ ජ්‍යොතිෂය ගණිතය ඇසුරින් විශ්ලේෂණය කර උත්තර සපයනු ලැබේ. කාල නිර්ණය කිරීම සදහා විංශෝත්තරි දශාව සහ කාලචක්‍ර දශාව භාවිතා කරණු ලැබේ. මේ ආකාරයේ පලාපල විස්තරයක් සැකසීම කල්වේලා ගෙන අදියරෙන් අදියර කරන නිසා දවස් 7ක් පමණ කාලයක් ගතවන බව සලකන්න. අය කිරීම : රු. 2000 හෝ ඇ. ඩෝ. 22

පහත කාරණා ගැන ඔබට ගැටළු 5ක් ඇසිය හැකියි:

ඔබගේ චරිතය - දක්ෂතා - දුර්වලතා - අධ්‍යාපනය - සහජ දක්ෂතා - රැකියා සහ ව්‍යාපාර - ආදරය - විවාහය - පවුල් ජීවිතය - දරුවන් - සතුරන් - ලෙඩරෝග - කරදර - ඍණාත්මක කර්ම පල - ධනය - නිවාස ලාභ - ඉඩකඩම් - විදෙස් ගත වීම - සුභ කර්ම පල සහ ඒවා වැඩි දියුණු කරගන්නා ආකාරය - සරල ග්‍රහ ශාන්ති කර්ම - ඔබට සුභ මැණික් සහ පලිගු - දේව පුජා - ඉෂ්ට දේවතාවන් හදුනා ගැනීම සහ විශේෂ පුජා

පොරොන්දම් සහ ග්‍රහ පරික්ෂණය

අප විසින් ඔබගේ හඳහන් දෙක සහ අටවිසි පොරොන්දම් උසස් ජ්‍යොතිෂය සිද්ධාන්ත සහ ජ්‍යොතිෂය ගණිතය ඇසුරින් විශ්ලේෂණය කර ඔබට පොරොන්දම් සහ ග්‍රහ පරික්ෂණ වාර්තාව විද්යුත් තැපෑල මගින් එවනු ලැබේ. මේ සදහා දින 3ක් හෝ 4ක් ගත වන බව සලකන්න. දෙදෙනාගේ විවාහ ජීවිතය සම්බන්ධ දරු පල, නිවාස දේපළ වාසනා, ධනය, ලිංගික සතුට, විදෙස් ලාභ, ආදී තොරතුරු අඩංගු වේ.  අය කිරීම : රු. 2000 හෝ ඇ. ඩෝ. 22

සියලුම ජ්‍යොතිෂය කියැවීම් සදහා පහත තොරතුරු ඉතාමත් නිවැරදිව අවශ්‍ය වේ.

උපන් දිනය - උපන් වේලාව - උපන් රට හා නගරය - ස්ත්‍රි පුරුෂ භාවය - විවාහක අවිවාහක බව - ඔබ නිවුන් දරුවන්ද යන්න අපට දැනුම් දීම වැදගත්. අප ඔබගේ රහස්‍යභාවය ආරක්ෂා කරනු ලැබේ.

නැකත්

විවාහ මංගල නැකත් සීට්ටු ඇතුළුව සියළුම නැකත් සදා දෙනු ලැබේ. අලුත උපන් බිළිදුන්ට නම් තැබීම සහ අක්ෂර නිකුත් කිරීමද කරනු ලැබේ. නැකත් සැදීම සදහා මහා නක්ෂත්‍රය සහ චුල නක්ෂත්‍රය යන ක්‍රම දෙකම භාවිතා කරණු ලැබේ. අය කිරීම : රු. 1000 සිට රු. 2000 හෝ ඇ. ඩෝ. 10 සිට 22

කේන්ද්‍ර සෑදීම

දේශීය සහ විදේශිය කේන්ද්‍ර සෑදීම කරනු ලැබේ. අය කිරීම : රු. 1000 හෝ ඇ. ඩෝ. 12

සෙත් කවි සෑදීම

ඔබගේ ප්‍රියතම දෙවියන්ට වන්දනා කිරීම සදහා, ග්‍රහ අපල නිවාරණය සදහා සහ වෙනත් යහපත් අරමුණක් ඉෂ්ට කර ගැනීම සදහා බලවත් සෙත් කවි නිර්මාණය කරණු ලැබේ. අය කිරීම : රු. 2000 සිට රු. 2500 හෝ ඇ. ඩෝ. 22  සිට  27

අභිසම්භිදාන සුවඳ ධුපය

මෙම සුවඳ ධූපය මහා අභිසම්භිදාන පිරිතෙන්ද, ඉතා පැරණි රහස් ආකර්ෂණ මන්ත්‍ර කීපයකින්ද, පුස්කොළ පොතකින් සොයාගත් මහා ලක්ෂ්මී මන්ත්‍රයකින්ද, නිර්මාංශිකව කැපවී ජීවම් කර ඇත. නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ උදේ, සවස දුම් ඇල්ලීම මඟින් ඇස්වහ, කටවහ දෝෂ, ප්‍රේත දෝෂ, යක්ෂ දෝෂ, වින දෝෂ ආදිය දුරුවී සෞභාග්‍යය උදාකර ගැනීමට හැකිවේ. මෙම සුවඳ ධුපයේ අඩංගු ද්‍රව්‍යය වන්නේ සුදුහදුන්, රත්හදුන්, දේවදාර, අගිල්, සාම්බ්‍රානි, ගුගුල්, සුවද කොට්ටම්, ජටාමාංස, සැවන්දරා සහ විෂ්ණුක්‍රාන්ත්‍රිය. 50gක පැකට්ටුවක් Rs.100ක් වේ. මෙම සුවඳ ධූපය ලබා ගැනීමට අප හා සම්බන්ධ වන්න.

විදේශ අය සදහා බෝධි පුජාවන්

විදේශ අය සදහා බෝධි පුජාවන් පැවැත්වීමේදී මෙම පූජාව සදහා ඖෂධ වර්ග 9ක්, ඖෂධ සුවද කූරු 108ක්, පහන් 9ක් බෝධින් වහන්සේට, පහන් 9ක් බුදුරජාණන් වහන්සේට, පහන් 9ක් චෛත්‍යය රාජයාණන් වහන්සේට, සුදු මල් 324ක්, දැහැත් පූජාවකුත්, සුදු නෙලුම් ඇතුළු ජලජ මල් වර්ග කිහිපයක් සහ වෙනත් වර්ණ වල මල් වර්ග කිහිපයක්, ගිලන්පස ඇතුළු පූජාවන් පවත්වමි. අවසානයේ ග්‍රහ දෝෂ අනුව අදාළ දෙවියන්ට පිං දී ඔබ වෙනුවෙන් බාර කරමු. මෙම පුජාව සදහා අප USD 60 ක මුදලක් අය කරනු ලැබේ.

බෝධි පුජාවන්

රත්නමාලී යන්ත්‍රය

බුද්ධ යන්ත්‍ර අතර මුල් තැනේ තැබිය හැකි මෙම යන්ත්‍රය සෙත් කවි කලාව අනුව බලවත් අක්‍ෂර සංයෝගයකින්ද බුදු ගුණ, දහම් ගුණ සහ සඟ ගුණ මනා ලෙස ගලපා අලංකාර ලෙස සැලසුම් කර ඇත. අංජනම් බැලීමට දක්ෂ වෙද මහතෙකු අපට හමු වූ මොහොතක සරස්වතී දේව මෑණියන් ඔහුගේ අංජනම් එලියට පැමිණි අවස්ථාවක අප හට පැවසුවේ රත්නමාලී යන්ත්‍රය මගින් නිවසක වාස්තු දෝෂ හරණය කිරීමට හැකියාවක් ඇති අතර නිවැසියන්ගේ ඉෂ්ඨ දෙවියන්ගේ බලය වර්ධනය කරන අතර ප්‍රධාන දේව මණ්ඩලයේ දෙවියන්ගේ බැල්ම ලබා ගැනීමට උපකාර කරයි. එමෙන්ම සෙනසුරු දොස් ඉවත් කරන අතර ග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන සුබ ග්‍රහයා වන ගුරුගේ බලය ලබා දෙයි. අප විසින් නියමිත පරිදි බෝධි පුජා, බුද්ධ පුජා සහ ස්ටුප පුජා පවත්වා පුරාණ යන්ත්‍ර විධි අනුව රත්නමාලී ගාථා වලින් 10,800 වරක් පිරිත් කර අපගේ රත්නමාලි යන්ත්‍රය සකස් කරණු ලැබේ. අපගේ සියලුම යන්ත්‍ර සුභ හොරා වලදී හස්තයෙන් අදිනු ලැබේ. මෙම යන්ත්‍රය සදහා අප USD 100 ක මුදලක් අය කරනු ලැබේ.

රත්නමාලි යන්ත්‍රය

යන්ත්‍ර සහ වෙනත් ශාන්ති කර්ම

ඔබට සෞභාග්‍යය උදා කරදෙන බලගතු බෞද්ධ යන්ත්‍ර, දිව්‍යමය යන්ත්‍ර, ජ්‍යොතිෂය යන්ත්‍ර, විදේශ අය සදහා දේව පුජා සහ ඔබට අවශ්‍ය වෙනත් ශාන්ති කර්ම සිදු කරවා ගැනීම සදහා අප හා සම්බන්ධ වන්න. අප විසින් සකස් කරනු ලබන යන්ත්‍ර සම්පුර්ණයෙන්ම අදිනු ලබන්නේ හස්තයෙන්මයි. මෙසේ යන්ත්‍රයක් ඇදීමේදී යන්ත්‍රය පළදිනු ලබන පුද්ගලයාගේ නම, ලග්නය සහ නැකත අනුව නියමිත හෝරාවකින් යන්ත්‍රය ඇදීමේ ක්‍රියාව ආරම්භ කරමු. අප විසින් සකස් කරනු ලබන යන්ත්‍ර ජීවම් කිරීමේදී එම යන්ත්‍රයන්ට අදාළ පුජාවන් තබා, එම යන්ත්‍රයට අදාළ මන්ත්‍රයෙන් නියමිත වාර ගණන ජිවම් කර, ප්‍රාණ, පුට, පලිප්පු, සිද්ධි යන මන්ත්‍රවලින් සුදුසු වාර ගණනක් ජීවම් කරමු. මෙසේ යන්ත්‍රයක් ජීවම් කිරීමේදී ඒ සදහා අවශ්‍ය පුජාවන් යන්ත්‍රයෙන් යන්ත්‍රයට වෙනස් වේ. අප විසින් සකස් කර, ජිවම්කර පලදවනු ලබන යන්ත්‍රයක් පැළදගෙන නොබෝ දිනකින් එහි ක්‍රියාකාරිත්වය ශරීරයට මෙන්ම මනසටද දැනෙනු ඇත. අප විසින් ජීවම් කරනු ලබන යන්ත්‍රවලට කිළි අසු නොවන ආකාරයට, එනම් කිළි අපහරණ මන්ත්‍ර වලින් ජීවම් කරනු ලබන බැවින් කිළි කුණු ආදියට හසු නොවේ.

සේවා ගාස්තු ගෙවීම

අපගේ ජාතික ඉතිරි කිරීමේ (NSB) බැංකු ගිණුමට බැර කිරීම හෝ Xoom හරහා කළ හැක. වැඩි විස්තර සදහා අපගේ විද්යුත් ලිපිනය හරහා සම්බන්ධ වන්න. සියලුම සේවාවන් ලබා ගැනීමට පෙර දින පරික්ෂාවක් කර ඔබගේ කටයුත්ත සදහා දින පරාසයක් වෙන් කර ගත යුතුය. ජ්‍යොතිෂය කටයුතු සදහා විමසීම් කිරීමේදී විද්යුත් තැපෑල හෝ SMS කෙටි පණිවිඩ මගින් පමණක් අප හා සම්බන්ධ වන්න. ඔබට වඩාත් ගුණාත්මක ජ්‍යොතිෂය සේවාවක් ලබා දීමට අප කැපවී සිටින නිසා දුරකථන සංවාද සදහා අපට කාලය මිඩංගු කළ නොහැකි බව කරුණාවෙන් සලකන්න. විද්යුත් තැපෑල මගින් කරන විමසීම් සදහා පිළිතුරු එවීමට දින දෙකක කාලයක ප්‍රමාදයක් සිදු විය හැකි අතර SMS කෙටි පණිවිඩ මගින් කරන විමසීම් සදහා පිළිතුරු එවීමට පැය 7ක කාලයක ප්‍රමාදයක් සිදු විය හැක. අප හා සම්බන්ධ වීමට මෙම වෙබ් පිටුවට පිවිසෙන්න. (ඇ.ඩෝ. යනු ඇමරිකානු ඩොලර් මුදල් ඒකකය වේ.)


Tags